අගෝස්තු මාසේ 17 වෙනිදා කියන්නේ මගේ හොදම යාලුවෙක්ගෙ උපන්දිනය.උපන්දිනයක් උනාම ඉතින් ස්ප්‍රයිස් නැතුව බෑ නෙහ්.ඔන්න ඉතින් එදා උදේ පාන්දරම යාළුවගේ මුනුපොතේ වෝල් එකේ මෙන්න මෙහෙම ස්ප්‍රයිස් කලාලු.
අනුජ ප්‍රියභානුගේ මෙතෙක් හෙළි නොවූ කථාව . . .
ඒ 2006 වර්ෂයේ මුල් කාර්තුවයි.වැලිවෙරියෙන් බිහි වූ සුපිරි තරුවෙකු වූ ශිහාන් මිහිරංග තම පුස් බයිසිකලයෙන් කිරිබත්ගොඩ ප්‍රදේශය හරහා යමින් සිටියේය.එක්වරම ඇති වූ බඩේ අමාරුවක් නිසා අසල ඇති හෝටලේක පුස් බයිසිකලය නැවැත්වූ ඔහු කගවෙනෙකු සේ වැසිකිළිය දෙසට දුවන්නට විය.
සිදුවුයේ ආශ්චර්යයකි.
වැසිකිළිය තුලින් මිහිරි කටහඩක් ඇසෙන්නට විය.තමා ආපු කාර්යය ද අමතක වූ ඔහු ඒ දෙසට සවන් යොමා ගල් ගැසී බලා සිටියේය.එවිටම වැසිකිලියේ දොර ඇරගෙන කළු කොට කොලු ගැටයෙකු එළියට ආවේය.ශිහාන්ව දුටු ඔහු සතුටින් පිනා ගියේය.
කෝ.ගැට - අනේ . . . . .ශිහාන් අයියා . . . .(කම්බුල් දෙකට අත් දෙක තියා ගනිමින්)
ශි.මිහි - අහ ! ඔව් මල්ලි . .
කෝ.ගැට - අනේ අයියේ මං ඔයාගේ සින්දු වලට ගොඩාඩාඩාඩාඩාඩාඩාරියක් ආසයි මට ඔයාගේ අත්සනක් දෙනව ද?
ශි.මිහි - දෙන්නම් මල්ලී හැබැයි ඒ එක පොරොන්දුවක් පිට
කෝ.ගැ - අනේ . . . . .ඕන එකක් කියන්න අයියේ . .
ශි.මිහි - ඔයා කවදාහරි සින්දු කියලා සුපිරි තරුවක් වෙනවා මල්ලි . .එක අනිවා ඩෙෆා . . අන්න එදාට මේ ශිහාන් අයියා ඔයාගෙන් අත්සනක් ඉල්ලුවොත් අනිවා දෙන්න මල්ලි . . .
කෝ.ගැ - සතුටෙන් සිනා සෙමින් . . (පසුබිමින් හඩක් ඇසේ “කෝ ඉවර නැද්ද ඉක්මනට එන්න පුතා . . .)
කොලු ගැටයට අත්සනක් දුන් ශිහාන් තමා පැමිණි කාර්යය ඉටු කර ගැනීමට වැසිකිලිය තුලට වැදුනේය.
එදා ශිහන්ට කිරිබත්ගොඩ වැසිකිලියේ මුණගැසුණු ඒ කළු කොට කොලු ගැටයා අන් කවරෙකුවත් නොව හේ අනුජ ප්‍රියභානු නම් විය.
ප.ලි
-විශේෂ තොරතුරු සපයන්නෙකු (වේටර් අංකල් ) විසින් සැපයු තොරතුරු මත පදනම් වී ඇත.
පියුම් පි පි ජිවිතේ සුවදවත් වෙන සුබම සුබ උපන්දිනයක් වේවා සහෝදරයා !!!!!


Author Info
Video Of the Day
Contributors
Instagram Photo Gallery
Find Me On Facebook
LinedIn