පරණ බස් එකේ හරි කමක් නෑ, අලුත් ලෝකෙට එන්න.




ලගදි ලස්සන ෆිල්ම් එකක් බැලුවා,හෝ ගානා පොකුණ,ඉන්දික ෆර්ඩිනැන්ඩු ගේ රහ වැඩක් ,හබැයි ඉන්දිකගේ හෝගානා පොකුණ මං බැලුවේ සාමාන්‍ය විදියට උනත් කියෙව්වේ වෙනස් විදියකට.

කතාව කෙටියෙන් කියනවනම්,ඔන්න දුප්පත් ගමක තියන පොඩි ඉස්කෝලෙකට කොළඹින් අලුත් ටීචර් කෙනෙක් එනවා. මේ අලුත් ටීචර් එක්ක ඒ ඉස්කෝලේ ලමයින්ට අලුත් බලාපොරොත්තු ගොන්නක් එනවා. ඒවයින්  එකක් තමයි හෝ ගානා පොකුණ බලන්න යන එක. සැහෙන්න ලොකු ක්‍රියාදාමෙකින් පස්සේ ටීචර් ළමයින්ට හෝ ගානා පොකුණ පෙන්නනවා.

පොඩ්ඩක් ඉන්න !

ලංකාව කියන්නේ දුපතක්, රට වටේට මුහුද,හැබැයි ටීචර් ළමයින් එක්ක යන්නේ කොලබ මුහුද බලන්න ,ගාල්ලේ හරි ත්‍රිකුණාමලය හරි මුහුද, මුහුදක් නෙමෙයි ද?

මට හිතෙන විදියට ,හෝගානා  පොකුන කියන්නෙම ලාංකික ගැමියාට තියෙන කොලබ ෆැන්ටසිය,මේ ෆැන්ටසියට එහෙම ලේසියෙන් ඇතුළු වෙන්නබෑ,කාගෙන් හරි උදව්වක් ඕනෙමයි ,එතකොට තමයි කොලබ ඉදන්ටීචර් ගමට එන්නේ,ටීචර් කියන්නේමමේ වෙලාවේ ධනවාදයේ මානුෂික මුහුණවර ,ධනවාදයගමට ගිහින් ගම වෙනස් කරනවා හැබයි මෙතන තියන වැදගත්ම දේ තමයි ධනවාදය කතා කරනනෙ අලුත් පරම්පරාවට ධනවාදයට පරණ හණමිටි අදහස් තියෙන මිනිස්සුන්ගෙන් වැඩක් නෑ,ඒ උනාට ධනවාදය දන්නවා ඔවුන්වත් තමන්ගේ අරමුණට කැමති කරව ගන්න.

අලුත්ටීචර්ගමට ආපු තැන ඉදන් කරන්නේ ළමයින්ට අලුත් බලාපොරොත්තු ඇති කිරීම්, ටීචර් ළමයින්ට තනියෙන් නැගී සිටින්න පුරුදු කරනවා හරියට ධනවාදය වගේ,තමන්ගේ අරමුණ වෙනුවෙන් වැඩිහිටි පරම්පරාව එකග කරගන්න  ළමයින්ව පොලබවනවා හරියට ධනවාදය වගේ , හැම ළමයෙක්ටම කතා කරන්නා අවස්ථාව ලබා දෙනවා හරියට ධනවාදය  වගේ ,තමන්ගේ ස්වකිය අරමුණ වෙනුවෙන් දැඩි තීරණ ගන්න පුරුදු කරවනවා හරියට ධනවාදය වගේ.බැලු බැල්මට ධනවාදය ගමට ගිහිල්ලත් කරන්නේ එක්තරා  විදියක අරගලයක් නමුත් සමාජවාදී අරගල වලට වගේ කවි ගී ධනවාදී අරගල වලට නොලින්නේ හරියට අර "පිය සෙනෙහසට කව ගී ලියවුන මදී" වගේ.

කොහොමින් කොහොම හරි ධනවාදය තමන්ගේ ස්වකිය අරගලය ජයගන්නවා, ධනවාදය මේ වෙලාවේ අපිට යෝජන කරන්නේ පරණ බස් එකේ හරි කමක් නෑ ධනවාදයේ අලුත් මුහුණුවරත් එක්ක එකතු වෙන්න කියලයි.හෝගානා පොකුණ බලන්න යන්න කිසිම වැඩිහිටියෙක් සහභාගී නොවුන වගේ මේඅලුත් ලෝකයටත් පරණ පරම්පරාවෙන් වැඩක් නෑ, ධනවාදයටඕනේ අමු ලේ.

ඉන්දික මේ ෆිල්ම් එක ඇතුලේ පෙන්නන එක දෙයක් මේ වෙලාවේ ලංකාව ඇතුලේවෙමින් පවතිනවා .ඒ තමයි ධනවාදයේ අලුත් මුහුණුවරත් එක්ක වලි දාගන්නේ නැතුව ජෝලියෙන් ඉන්න අලුත් වම ගැන.හරියට ෆිල්ම් එකේ ටීචර් ගේ පෙම්වතා වගේ. මට හිතෙන විදියට නම් ධනවාදයේ මේ මානුෂිය කෑල්ල එන්නෙම වමේ අභාෂයෙන් කියලයි.

ෆිල්ම් එකේ විදියටනම් ,ළමයින්ට බලන්න මුහුදේ ෆොටෝ එකක් එවන්නේ ටීචර් ගේ පෙම්වතා, කොළඹ ජිවත් වෙන මේ අලුත් වම ගමේ ඉන්න අලුත් පරම්පරාව කොළඹ එනකන් බලන් ඉන්නවා  වගේම ඒ ගමනට ආශීර්වාද කරනවා. ධනවාදය අලුත් වෙලානම් අලුත් වම ධනවාදයේ පෙම්වතා වෙන එක මට අනුව නම්  ප්‍රශ්නයක් නෙමෙයි.

චිත්‍රපටිය අවසාන වෙන්නේ ගමේපොඩි එවුන්වටීචර්බස් එකේ දාගෙන මුහුද බලන්න ඇවිත් මුහුද දැකලා ළමයි සතුටු වෙන දර්ශනයකින් ඒ කියන්නේ "Happy Ending" එකක් ව්දියට.

ඇත්ත ලෝකෙදිත්මේ ධනවවාදයේ අලුත් මුහුණවර තමන්ගේ ස්වකිය අරගලය ජයගනිවිද ?

අලුත් වම තව දුරටත් ධනවාදයේ පෙම්වතා වෙලා ඉදි විද ?

පරණ පරම්පරාවටත් කොලබ එන්න ආසාවක් එයි ද ?

ගැමියාට අලුත් ලෝකය පෙන්වන කාර්යභාරය ධනවාදය කව්ද වෙනකන් කරයි ද ?

ඒ හැම අරගලයක්ම මේ වගේ සාර්ථක වෙයි ද?

ෆිල්ම් එක බැලුවම නම් අවුලක් නෑ, හැබැයි වෙනස් විදිය කියෙව්වොත් නම් එන්නේ ප්‍රශ්ණ ගොඩක්!


- ටිෂාන් වික්‍රමසිංහ

2 comments: