අවශ්‍යතා යනු පුද්ගලයෙකුට ජිවත් වීම සදහා අනිවාර්යෙන්ම සපුරා ගත යුතු දෑ ය. උදා : ආහාර,ආරක්ෂාව
වුවමනා යනු අවශ්‍යතා සපුරා ගැනීම සදහා ඇති දෑ ය. උදා : පාන්,බටර්,නිවාස
මුලිකවම වෙන්නේ ,ඉස්සෙල්ලම මිනුස්සුන්ට අවශ්‍යතාවක් ඇතිවෙනවා පස්සේ ඒ අවශ්‍යතාව වුවමනාවකින් සපුරා ගන්නවා.මේක තමයි එදා අපි ඉගෙනගත්තු අවශ්‍යතා හා වුවමනා පාඩම.එදා සර් කිව්වට හැම කොමස් ළමයෙකුටම වැදගත් වෙන පාඩමක් කියලා ,පස්සේ මට තේරුණා විදියට නම් මේ පාඩම මුළු ලෝකෙම ඉන්න හැම මනුස්සයෙකුට ම පොදුවේ වැදගත් වෙන පාඩමක් කියලා.
10 වසරේ පාඩම සැහෙන්න කාලෙකට පස්සේ මතක් වෙන්න හේතුවක් තියනවා.ඇත්තටම දැන් ලෝකේ වෙන්නේ මිනුස්සුන්ට අවශ්‍යතාවයක් ඇවිල්ලා එකට ව්‍යාපාරිකයින් විසින් හදල තියන වුමනාවක් මිනිස්සු ගිහිල්ලා අරගෙන තමන්ගේ අවශ්‍යතාවය සපුරා ගන්න එක ද ?
අපි කතාව පොඩ්ඩක් සරල තැනකට ගේමු ( කොමස් කලේ නැති අයට තේරෙන්නත් එක්ක :p )
ඔන්න එක මිනිහෙක්ට අවශ්‍යතාවක් තියනවා ආහාර කියලා.පාන්,බත් වල ඉදන් KFC,Mc දක්වා නහුතයක් ව්‍යාපාරිකයෝ මිනිස්සුන්ගේ මේ ආහාර කියන අවශ්‍යතාවය සපුරන්න සැදී පැහැදී ඉන්නවා.
බැලු බැල්මට කතාව හරි සරලයි.ෂෝක්.මාරයි.
මට බඩගිනියි.ඒ නිසා මං පාන් කනවා එක්කෝ පීසා කනවා.
හැබැයි කන්න කලින් EGB එකක් බොන්න ඕන කියන එක මගේ අවශ්‍යතාවයක් ද ?
ඇත්තටම නෑ , එක මාගේ අවශ්‍යතාවයක් වෙලා තිබුනේ නෑ.ඒ උනාට අලියා බිම කොම්පැනිය තමන්ගේ EGB බිම කියන වුවමනාව විකුණා ගන්න මට අවශ්‍යතාවක් හැදෙව්වා.
ආහ? එහෙම වෙන්න බෑ නෙහ් .තියරිය එක නෙමෙයි නෙහ්.ඉස්සෙල්ල අවශ්‍යතාව පස්සේ නෙහ් වුවමනාව එන්නේ.
ඔව්.තියරිය එක වුනාට ඇත්තටම මුළු ලෝකෙම මේ වෙලාවේ ක්‍රියාත්මක වෙන්නෙ තියරිය නෙමෙයි.කොටින්ම අපිට තියරිය උගන්නවා විතරයි.වෙන්නේ අනිත් පැත්ත.
ලංකාවේ අලියා බිම කොම්පැනිය මෙහෙම නම්,ලෝකේ තියන ලොකු සමාගම් කොහොම ඇද්ද? අපි පොඩ්ඩක් ඒ ගැනත් බලමු.
ආපහු යමු පොඩි සරල කතාවකට.
මං ටිකක් මහතයි .ඒ නිසා ඇගට ටිකක් ව්‍යායාම ඕන.ටිකක් ඇවිද්දොත් හොදයි.ඔන්න මම දැන් කෙට්ටු වෙන්නත් එක්ක පාරේ ඇවිදින ගමන් ඉන්නවා.එක පාරට මෙතනට එනවා SONY කොම්පැනිය ඇවිල්ල අහනවා,නිකන් ඇවිද ඇවිද ඉන්න එකේ සින්දුවක් අහගෙන ඇවිද්දොත් නරක ද කියලා.මටත් හිතෙනවා ආහ ඔව් නේද එකත් ඉතින් මරු නේද කියලා.ඊට පස්සේ sony කියනවා මේ තියෙන්න SONY walkmen එක ඒක ඔයාට ඕන වැඩේ කරල දෙයි කියලා.
කතාව සරල උනාට වැඩේ භයානකයි.critical.
SONY කියන්නේ වුවමනා නිර්මාණය කරන සමාගමක්.නමුත් සරලව කිව්වොත් ඔවුනුත් මේ වෙලාවේ කරමින් ඉන්නේ තමන්ගේ අලුත්ම නිෂ්පාදනය විකුනන්න මිනුස්සුන්ට අලුත් අවශ්‍යතාවයන් හදන එක.ලෝකේ අනිත් දැවැන්ත සමාගම් වල කතාවක් මීට සමානයි.
මේ කතා දෙකත් එක්කම අපිට එන්න පුළුවන් නිගමනයක් තමයි,මේ වෙනකොට ලෝකේ ව්‍යාපාරිකයින් කරන්නේ මිනිස්සුන්ගේ දැනට තියන අවශ්‍යතා වලට පිළිතුරු සපයනවට අමතරව වුවම්නත් එක්ක අවශ්‍යතාවක් හදන එක කියලා.
මේ කතාව මේ විදියටම හිතල බලන්න ආයුධ නිෂ්පාදන කරන සමාගමක් ගැන.යුද්ධ,ත්‍රස්තවාදය කියන ඒවා කවදාවත් ඉවරයක් නොවෙන්නේ ඇයි කියන එක ඔබට පැහැදිලි වෙයි.
කොටින්ම මේ වෙලාවේ මිනුස්සුන්ට ඕනේ මොනවද නැත්තේ මොනවා ද කියන එක තීරණය කරන්නේ මිනිස්සු නෙමෙයි ව්‍යාපාරිකයෝ.10 වසරේදී ඉගෙනගත්ත තියරිය නෙමෙයි මේ වෙන්නේ කියලා තේරුම් ගන්න සැහෙන්න කල් ගියා.හැබැයි තියරිය වැරදියට වෙනවා කියලා දැනගන්නත් තියරිය දැනගෙන ඉන්න ඕන.( අද 10 වසරේ ඉන්න ළමය ඉගෙන ගන්නෙත් පරණ තියරියම තමයි.)
අපි මේ කතාව ටිකක් වෙනස් පැත්තකට ගේමු.
මිනිස්සුන්ගේ අවශ්‍යතා තීරණය කරන්නේ ව්‍යාපාරිකයෝ. ඒ කියන්නෙත් තවත් මිනිස්සු කොටසක් නෙහ්.ඉතින් හොදයි නෙහ්.එයාලට පුළුවන් මිනිසුන්ගේ ජීවිතය ලස්සන කරන්න අලුතෙන් වුවමනා නිර්මාණය කරන ගමන් අවශ්‍යතාවයකුත් නිර්මාණය කරලා මිනිස්සුන්ට දෙන්න.මින්ස්සුන්ට තියෙන්නේ ව්‍යාපාරිකයෝ කියන දේ අහල ලස්සනට ජිවත් වෙන එක.
කෙනෙක් මේ වගේ කතාවක් කිව්වොත් ? ඔව් බැලු බැල්මට එක නම් මාරයි තමයි.හැබැයි ඇත්තටම ඔය කතාව වෙන්නේ නැති එකයි අවුල.ව්‍යාපාරිකයෝ මිස්සුන්ට හොද ජිවිතයක් දෙන මුවාවෙන් කරන්නේ තමන්ගේ ව්‍යපාරික අරමුණු ඉෂ්ට කර ගැනීමක් විතරයි.
එක මිනිස්සු කොටසකට ඕන දේ තවත් මිනිස්සු කොටසක් විසින් තීරණය කිරීමේ භයානක ,ඛේදනීය ඉරණමට තමයි මේ වෙලාවේ මුළු ලෝකෙම මුණ දීලා ඉන්නේ.ආර්ථික අර්බුද ,ආර්ථික අවපාත හැමදේකට මුලික වුන සාධකය තමයි මේ.
විනාඩියකට ඔබේ ගෙදර,ඔබේ ඇදුම් පැළදුම්,ඔබ පාවිච්චි කරන දේවල් ගැන හිතන්න.ඒවායින් කියක් ඇත්තටම ඔබට අවශ්‍ය ද කියලා.
මිනිස්සු තමන්ට අනවශ්‍ය දේවල් ටොන් ගානක් තියාගෙන් අත්‍යවශ්‍යම දේවල් අතැරලා.
ඒ නිසා මගේ යෝජනාව ආපහු පරණ තියරියටම යමු කියන එකයි.හැබැයි එක හිතන තරම් ලේසි නෑ කියන එකත් මතක තියාගන්න.
අන්තර්ජාලයේ තිබුණ ජනප්‍රිය වැකියකින් මං මේ කතාව ඉවර කරනවා.මේ වැකියෙන් කියවෙන්නේ ව්‍යාපාරිකයින්ගේ දෘෂ්ටිකෝණය.
“People don’t know what they want, we do”