Propaganda එකක් හරි Mass Media Manipulation හරි කියන්නේ ඉතා සුක්ෂමව දියත් කරන වැඩපිළිවෙලක්.
මේ වනවිටත් ලෝකයේ බොහෝ ආණ්ඩු, විශාල ව්‍යාපාර ඔවුන්ගේ ස්වකිය අරමුණු මුදුන්පත් කරගැනීම උදෙසා මෙවැනි මෙහෙයුම් දියත් කරමින් ඉන්නවා. Propaganda ගැන කතා කරනකොට මේකේ අතීතය 1900 ගණන් වලට යනවා.
PR, Advertising කියන්නේ 20 වන සියවසේදී ඉතා වෙනස්කම් වලට බාජනය වූ විෂයන් දෙකක්.ඒ උනාට මේ වෙනස් කම් ගැන මිනිස්සු දන්නේ හරි අඩුවෙන්.නමුත් අද වනවිට එය අප සිතන පතන විදිය වෙනස්කිරීමේ පටන් අප සමුහයක් වශයෙන් මුලා කිරීමේ අති නවීන සුක්ෂම සටනකට තත්වෙට ඇවිත් තියනව.
.
විසිවන සියවස මුලභාගයේදී සමාජයේ විවිධ කැරලි කෝලාහල,උද්ගෝෂණ වැනි සමාජය නොසන්සුන් කරන බොහෝ දේවල් අති වුනා..ඒ තමන්ට නිසි සැලකීමක් දක්වන්නේ නෑ කියල මිනිසුන්ට හැගී ගිය නිසා.
මේ නිසා ඒ කාලේ තිබ්බ ආණ්ඩු වලට,විශාල සමාගම් වලට මිනිසුන්ව පාලනය කිරීම අපහසු උනා. මේ තත්වය රාජ්‍ය වුහුයට සහ ඔවුන් හා බැදී විශාල සමාගම් වලට ද ඉතා අහිතකර ප්‍රතිපල ගෙන අවස්ථාවක් බවට පත්වුණා.
මේ හේතුව නිසාම සාමාන්‍ය මිනුසුන් අතර ඉතා වැදගත් ප්‍රතිරූපයක් මවා ගැනීමේ අවශ්‍යතාව මොවුන්ට ඇතිවෙන්න ගත්තා,එය මහජන සම්බන්ධතා විශය පථය වෙනත් මගකට යොමු කරන්නට සමත් වුනා.
මේ නව මහජන සම්බන්ධතා පුනරුදය පිටුපස සිටි බුද්ධිමතුන් කිහිප දෙනෙක්ම ඉන්නවා,ඉන් වැදගත්ම පුද්ගලයා තමයි එඩ්වඩ් බර්නේ.ඔහු නුතන මහජන සම්බන්ධතා විෂයේ (Modern Public Relations) පියා ලෙස ද හදුන්වනවා.ඔහු විෂය සම්බදයෙන් දැක්වූ න්‍යායික කරුණු වලට වඩා විෂය ප්‍රයෝගික ලෝකය තුල ක්‍රියාත්මක කර පෙන්වීම ඔහු මහජන සම්බන්දත විෂයේ පියා ලෙස හදිවිමට ප්‍රබල සාධකයක් වුනා.
1920 දී මහජන සම්බන්ධතා ක්ෂේත්‍රයේ ඔහු සිදු කල කටයුතු සහ එම විෂය පථය තුල පෙරලි සිදු කල වෙනත් පුද්ගලයෙන්ගේ ද විස්තර සහිතව පොතක් ඔහු විසින් නිකුත් කරනවා ,එය ‘Propganda’ ලෙස නම් කරනවා.
එඩ්වඩ් බර්නේ ඉතා වැදගත් පවුලකින් පවත එන්නෙක්,ඔහු “මොනොවිද්‍යාවේ පියා”ලෙස හැදින්වෙන සිග්මන් ප්‍රෝයිඩ් මහතාගේ බෑනා ද වෙයි.ප්‍රෝයිඩ්ගේ අවිඥානය පිළිබද ඉගැන්වීම් ඔහුගේ බැනා විසින් අති සාර්ථකව මහජන සම්බන්දතා කාර්යන් වලට යොදා ගන්නවා.බර්නේ ඔහු මිනිස් අවිඥානය පිළිබද උගත් දේ ඉතා සුක්ෂමව පොදුජනය හැසිරවීමේ අවිය ලෙස යොදාගත් පුද්ගලයෙකි.
“Propaganda’ නමැති පොතේ ඔහු මෙහෙම සදහනක් තබයි,
“ජනතාවගේ සංවිධානාත්මක පුරුදු හා මතවාදයන් සවිඥානිකව හා බුද්ධිමත් ලෙස මෙහෙයවීම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක වැදගත් අංගයකි. සමාජයේ මෙම නොපෙනෙන යාන්ත්‍රණය මෙහෙයවන අය, එම රටේ සැබෑ පාලක බලවේගය වන අදෘශ්යමාන ආණ්ඩුවකි.අප කිසිදිනක නොඇසූ පුද්ගලයින් පිරිසක් විසින්,අපි පාලනය කරමින් පවතී, අපේ මනස හැඩගස්වමින් පවතී , අපේ රුචිකත්වයන් නිර්මාණය කරමින් පවතී , අපේ අදහස් යෝජනා කරමින් පවතී. අප එදිනෙදා ජීව්තයේ සියලු දෙයක්ම,දේශපාලන හෝ ව්‍යාපාරික වේවා , සමජීය කාර්යයන් හා සදාචාරාත්මක චින්තනය පවා ඉතා කුඩා ප්‍රමාණයක මිනිසුන් පිරිසක් විසින් පාලනය කරයි. පොදුජනතවගේ මනස ක්‍රියාකරන ආකාරය නිවැරදිව හදුනාගත්,පොදු ජන මනස හසුරනවන සැබෑ අදිසි හස්තයන් ඔවුන් වේ.
1928 බර්නේ කෘතිය එළිදැක්වීමට පෙර එකල තිබු රුපවාහිනී දැන්වීම ඉතා සරල ඒවා විය.ඒවා භාණ්ඩයක විස්තර හා එහි භාවිතය ගැන පමණක් කතා කල ඒවා විය. නමුත් අද වනවිට වෙළද දැන්වීම් වල විකාශනය අදහාගත නොහැකි තරම් වෙනස් වෙලා.
නුතනය වනවිට දැන්වීම් පරිබෝගිකයාගේ අවිඥානගත බය සහ ආශාවන් උපයෝගී කරගනිමින් පරිබෝගිකයාගේ මනස හා භාණ්ඩය අතර මානසික සබැඳියාවක් ඇති කිරීමට නිර්මාණය කර ඇත.
සමහර වෙළද දැන්වීම් වල ඔබ මේ ලක්ෂණය දැක ඇතිවාට සැක නැත, විටෙක අපව ද පුදුම කරවමින් ඔවුන්ගේ දැන්වීම් තුල විකිනීමට අවශ්‍ය භාණ්ඩයය ගැන විසතර කරනවට වඩා භාණ්ඩය හා බැදුණු මිනිස් සිතේ අදහසක් අති කල හැකි ආකාරයේ චිත්‍රරුප මැවෙන ආකාරයේ දසුන් පෙන්වයි.
අවසානයේදී, ඔවුන්ට අවශ්‍ය නිකන්ම නිකන භාණ්ඩයක් විකිනීමට නොව එම භාණ්ඩය අදාල ප්‍රතිරූපය සමාජගත කිරීමයි
ඇදහිය නොහැකි තරමේ අදහස් රාශියක්, කාලය, ශ්‍රමය , මුදල් , එක තප්පර 30ක වෙළද දැන්වීමකට යොදා ගන්නේ ඇයිදයි ඔබ කෙදිනක හෝ සිතුවා ද ?
ඇත්තටම ඒ විශාල ව්‍යාපාර දන්නවා ඔවුන් මේ මොකද්ද කරන්නේ කියල,ඔවුන් අපේ හිතේ සිතුවිලි සමග ඉතා සුක්ෂම ගේම් එකක් ගහනවා,ඔවුන්ට අවශ්‍ය අප ඔවුන්ගේ භාණ්ඩයය මිලදී ගන්නවට වඩා එහා ගිය දෙයක්.අව්සනවට ඔවුන් මේ වෙනකොට අති සාර්ථකව ඔවුන්ගේ කාර්යය කරමින් ඉන්නවා.
එවකට ඉතා විශාල සමාගම් රැසක් එඩ්වඩ් ගේ සේවද්යකයන් ය.
නිදසුනක ලෙස එකවරක ඇමරිකානු දුම්කොළ සමගම ඔහු වෙත එක් ව්‍යාපෘතියක් භාර දුන්න.දුම්කොළ සමගමේ නිෂ්පාදන භාවිත කල බහුතරයක් පිරිමි.නමුත් ඔවුන්ට කාන්ත පාර්ශවයට ද සිගරට් අලෙවි කිරීමට අවශ්‍යව තිබුන.
ඒ කාලය වනවිට කාන්තාවන් සිගරට් පානය කිරීම සමාජ අසම්මතයක් ලෙස ඇමරිකන සමාජ තුල මුල බැසගත් අදහසක් තිබුනා. එඩ්වඩ් බර්නේට හා පැවරුනේ මේ මුල් බැසගත් අදහස් නැතිකර සිගරට් කාන්තාවන්ට අලෙවි කිරීමයි.
ඔහු මේ සදහා එවකට නැගී එමින් තිබු කාන්තා අයිතීන් අරගලය පාවිච්චි කළා.කාන්තාවන්ටත් පිරිම්න්ට හා සමනාව අයිතිවාසිකම් ලැබිය යුතුයි කියූ පිරිසට එම සමානාත්මතාව පෙන්වීම සදහා සිගරට් යොදගන්න ලෙස යෝජනා කළා.
එඩ්වඩ් ගේ මේ අදහස් පිළිගන්න කාන්තාවෝ එක් රැලියකදී කාන්තාවන් පිරිම්න්ට සමාන ලෙස හුවා දකිවිමට සිගරට් පානය කරනවා ,මේ සිදුවීමත් ඇමරිකානු ජනමාධ්‍ය වාර්තා කිරීමත් සමග එවකට පැවති කාන්ත ව්‍යාපාර කාන්තා හා පුරුස සමානාත්මතාව විදහා දකිව්මට සිගරට් පාවිච්චිය පටන් ගත්තා මේ සමග එතෙක් තිබු සමාජ අසම්මතය නැතිවී ගිය.
ඒ මගින් ඇමරිකානු දුම්කොළ සමගම තමාට දුන් කාර්යය සාර්ථකව ඉටුකර දුන් එඩ්වර්ඩ් එම සමාගමේ අදායම දෙගුණයකින් වැඩි කරන්නට සමත් උනා.
ඔහු කර කාර්යන් පිටුපස තිබු න්‍යායාත්මක පැති ඔහු මෙසේ විග්‍රහ කරයි.
“සිද්ධාන්තමය වශයෙන්,සැම පුද්ගලයෙකුම සමාජ ප්‍රශ්න දෙස තමන්ගේම කෝණයකින් බලයි,නමුත් ප්‍රයෝගිකව,සැම පුද්ගලෙකුටම ආර්ථික , දේශපාලනික , සාරධර්ම ගැන ඔවුන්ටම අනන්‍ය වූ සිතුවිලි සමුද්යක තිබෙනවා නම් කිසිම දෙයක් ගැන අවසන් තීරණයකට එලබීමට අපට නොහැකිවනු ඇත.. නමුත් හිතන්න අපිට බුද්ධිමත් මිනුස්සු කිහිප දෙනෙක් ඉන්න මණ්ඩලයකින්, පුද්ගලික පොදු සියලු දේම පාලනය කරනවා කියල , ඇත්තටම ඒ වගේ පාලන තන්ත්‍රයක් කොච්ච්ච්ර හොද ද. හැබැයි අපි තෝරැගෙන තියෙන්නේ අනිත් පැත්ත, විව්‍යුත තරගය.අපි විව්‍යුත තරගය වුවත් ඉතා සංයමයෙන් යුතුව පාලනය කිරීමට ක්‍රමයක් හොයාගත යුතු වෙනවා
1940 ගණන් වනතුරුම ‘Propaganda’ යන වචනය නරක වචනයක් ලෙස සැලකුවේ නැහැ,නමුත් හිට්ලර් ඔහුගේ ස්වකිය දේශපාලන ආධිපත්‍ය පතුරවගැනීම සදහා මෙය යොදාගැනීමත් සමග එම වචනයට එතෙක් තිබු අදහස් වෙනස් වෙලා තියනවා.
පරිවර්තනය
ටිශාන් වික‍්‍රමසිංහ
මුලාශ : The Free Thought Project