Recent Posts

යුද්ධයක් විකිණීම - එඩ්වර්ඩ් බ්‍ර්නේ 02 කොටස





නුතන මහජන සමබන්ධතා විෂයේ පියා ලෙස හැදින්වෙන එඩ්වර්ඩ් බ්‍රනේ අති විශාල සේවදයකින් පිරිසකට හිමිකම් කියූ අයෙක්.

විටෙකි ඔහු ඇමරිකානු දුම්කොළ සමාගමට කාන්තාවන් අතර සිගරට් ප්‍රචලිත කිරීමටට සම්බන්ධ වූ අතර,විටෙක බේකන් විකුණන සමාගමකට ඔවුන්ගේ නිෂ්පාදන ඉහල දැමීමට සහය වෙයි, මේ හැමටම වැඩියෙන් ඔහු ඇමරිකානු ආණ්ඩුවට ද අති විශාල අන්දමින් මහජන සම්බන්ධතා ගැන උපදෙස් දුන් පුද්ගලයෙකු ලෙස සැලකෙයි.

නමුත් ඇමරිකානු ආණ්ඩුව ඔහුට ගෙව්වේ බේකන් හෝ සිගරට් විකිනීමට නෙමෙයි ඔවුන්ට අවශ්‍ය වුනේ ඔහු ලවා යුද්ධයක් විකුනන්න.

කතාව සරලව මෙහෙමයි 

1917 දී ඇමරිකානු ජනාධිපති Woodrow Wilson විසින් මහජන තොරතුරු දැනගැනීමේ කමිටුවක් පත් කරනවා.ඒ ඇමරිකාවට සහ ඔවුන්ට හිතවත් අයට මහජන තොරතුරු ඇසුරෙන් ලබාගන්න දත්ත පලවෙනි ලෝක යුද්යට ලබාගැනීමේ අටියෙනි.

බ්‍ර්නේ මේ කමිටුවේ ක්‍රියාකාරී සාමාජිකයෙක්.මෙහි සභාපතිත්වය George Creel විසින් හෙබවූ අතර ඔවුන්ගේ මුලික කාර්යය උනේ යුද්ධය සදහා අවශ්‍ය වටපිටාව සැකසීම සදහා ජනාධිපතිවරයාට උපදෙස් දීම.

මේ සදහා මහජන තාව තුල යුද්දය පිළිබද සුබවාදී ආකල්පයක් අති කිරීමට අවශ්‍ය වුණා.කමිටුව විසින් ප්‍රසිද්ධියේ කතා කල හැකි පිරිසක් සේවයේ යෙදවූවා.ඔවුන් “Four Minute Men” ලෙස හැදින්වුව මන්ද යත් ඔවුන්ගේ රාජකාරිය උනේ යුද්ධය ගැන මිනුත්තු හතරක ඉතා කුඩා දේශන විවිද තැන වල පැවැත් වීමයි.

මිනිත්තු 4 යොදා ගැනීමට විශේෂ හේතුවක් තිබු, ඒ කල මනෝවිද්‍යා විශ්ලේෂකයින්ට අනුව සාමන්‍ය පුද්ගලයෙකු යමක් සදහා අවාධනය යොමු කරන උපරිම වෙලාව මිනිත්තු 04 ලෙස සැලකුව.

බ්‍රනේ සිටි කමිටුවේ උපක්‍රම අති සාර්ථක උනා , ඔවුන්ට පුළුවන් උන පලවෙනි ලෝක යුද්ධයට ඇමරිකාව අවතීර්ණය වීම ගැන ඉතා දක්ෂ ලෙස සාධාරණීකරණය කරන්න.

කෙසේ වෙතත් ඇමරිකානු ආණ්ඩුවට බ්‍රනේ උපදෙස් දෙන එක එතනින් නතර උනේ නැහැ.තවත් ජනාධිපතිවරු ඔහුගෙන් උපදෙස් ගත්තා ජනාධිපති Eisenhower සහ Hoover ඔවුන්ගෙන් කිහිපයක්.

ඇමරිකානු ඉහල නිලතල සමග බ්‍රනේ ගේ මේ තිබු සම්බන්දතාව බොහෝ පිරිසක් අමන්දානන්දයට පත් කරන්නට සමත් උනා.මේ නිසාම ඔහුට අපුරු සේවාදායකයන් පිරිසකට සේවය කරන්න මග පෑදුනා.

ඒ වනවිට ඇමරිකවේ විශාලම පලතුරු සමගම වන United Fruit Companyය.මොවුන් ඔවුන්ට අවශ්‍ය පලතුරු සපයාගත්තේ ගෝතමාලාව කියන රටෙන්. 

හැබැයි 1950 වන විට ගෝතමාලාවේ රජය සමග තිබු ඉතා කිට්ටු සම්බන්ධය නැති ඔවුන්ට වෙන්ව.1950 ට පෙර ගෝතමාලාවේ ජනාධිපතිව සිටි ඒකාධිපති පලයකය United Fruit Companyයට ඔවුන්ගේ රටේ ඉඩම් වලින් 60% අයිතිය භාර දී තිබුනා.

ඔවුන් ඒ ඉඩම් වල පලතුරු වග කරමින් අති විශාල බදු සහන ලබා ගනිමින් සිටිය 

නමුත් 1950 දී බලයට පත්වන Arbenz ගේ නායකත්වයෙන් යුතු රජය මේ සියල්ල කපා හරිනවා. United Fruit Companyයට නැවත මව් රට බලා යන්නට සිද්ද වෙනවා.

තව ද ජනාධිපතිවරයා එතෙක් තිබු ඒකාධිකාරී වෙළදපොල නැති කල නිදහස් වෙළද පොලක් හදුන්ව දෙනවා.

නමුත් අවාසනාවකට United Fruit Companyයට  ඇමරිකානු රජයේ ඉතා ඉහල නිලතල සමග සමබන්ධතා තිබුන
එවකට මධ්‍යම රහස් ඔත්තු සේවයේ(CIA) අධ්‍යක්ෂ Allen Dulles ඒ වනවිටත්  United Fruit Companyයේ ප්‍රධාන කොටස්කරුවකු වී තිබුනා.

 ඔහුගේ සහෝදරයා වූ John Foster Dulles ඇමරිකාවේ රාජ්‍ය ලේකම්වරයා ද විය.

තත්වය මෙසේ තිබියදීත් ගෝතමාලාවේ ජනධිපතිට විරුද්ධව පියවරක් ගැනීමට නම් තව දුරටත් ඇමරිකානු ජනාධිපතිවරයා හා ඇමරිකානු ජනතාවට කරුණු පහදා දීමට United Fruit Companyයට ඕන වුණා.

එමනිසා ඔවුන් එඩ්වර්ඩ් බ්‍රනේ වෙත පැමිණියා.

ඒ කාලය වනවිට ඇමරිකාව කොමියුනිස්ට්වදයට ඉතා දැඩි ප්‍රතිපත්ති වලින් මර්ධනය කල කාලයක් උණා.

බ්‍ර්නේ පළමුවෙන්ම ඇමරිකවේ ප්‍රසිද්ධ මාධ්‍ය ආයතන වන  Time,Newsweek,The New York Times and Chicago Tribune මාධ්‍යවේදීන් ගෝ තමාලාවට යවා , ගොතමලාවේ කොමියුනිස්ට් ක්‍රිකාරකම් සිදු වන බවත් , එහි ජනපති කොමියුනිස්ට්වාදියෙකු බවත් හැගෙන ලෙස පුවත් පල කරන ලෙස උපදෙස් දුන්නා.

දිගින් දිගටම ගෝ තමාලාවෙන් ලැබෙන කොමියුනිට් පුවත් නිසා ඇමරිකානු ජනාධිපති හා සෙනෙට් සභාව ගොතමලාවට ප්‍රහාරයක් එල්ල කරන ලෙස සැලසුම් කරනවා.

ඇමරිකානු මධ්‍යම රහස් ඔත්තු සේවයේ පරිසක් රහසේම ගොතමල්වේ නැගී එමින් තිබු නිදහස් සටන්කාමීන් යැයි කියූ පිරිසකට අවි යුධ සහ බුද්ධි තොරතුරු සැපයීම සිදු කරනව.

මේ අතර බ්‍ර්නේ විසින් ගෝතමාලාවේ සිටින නිදහස් සටන්කාමීන් යයි කියාගන්න පිරිස සැබෑවටම කොමියුනිට් වදයට එරෙහි පිරිසක් බව මාධ්‍ය මගින් පෙන්වා දෙමින් ඉන්නවා.

මේ ආකාරයෙන් අවිලුනි සිවිල් යුද්ධය දශක හතරක් පවතිනවා, දහස් ගණනක් මිය යනවා.අවසනයේ United Fruit Companyයට ඔවුන්ට අහිමිව තිබු අවස්ථාව හිමි වෙනවා.

මේ සිදුවීමත් සමග එඩ්වර්ඩ් බ්‍රනේ හට ලොව වටා ඉතා සුවිශේෂී පුද්ගලයන්ගේ අවධානය යොමු වෙනවා.

නිදසුනක් ලෙස , නාසි Joseph Goebbels දැක්විය හැකයි.ඔහු බ්‍රනේ ගේ ක්‍රියා අගය කල රසිකයෙකු වුව පමණක් නොව ඔහු ඒවා තම ව්‍යාපෘති සදහාය ද දක්ෂ අන්දමින් යොදාගත්තෙකු ලෙසද දැක්විය හැක. 

බ්‍ර්නේ ගේ ක්‍රියා හා ඔහුගේ සිද්ධාන්ත අනුගමනයේ කලේ Goebbels විතරක් නෙමයි ,ලොව වට තිබෙන P.R. ආයතන ඔහුගේ ක්‍රම අදටත් අනුගමනය කරමින් ඉන්නවා භාණ්ඩ හා සේවා විකිණීමේ ඉදන් දේශපාලනය දක්වාම.



පරිවර්තනය
ටිශාන් වික‍්‍රමසිංහ
2017.10.29


Father of "Propaganda"





Propaganda එකක් හරි Mass Media Manipulation හරි කියන්නේ ඉතා සුක්ෂමව දියත් කරන වැඩපිළිවෙලක්.

මේ වනවිටත් ලෝකයේ බොහෝ ආණ්ඩු, විශාල ව්‍යාපාර ඔවුන්ගේ ස්වකිය අරමුණු මුදුන්පත් කරගැනීම උදෙසා මෙවැනි මෙහෙයුම් දියත් කරමින් ඉන්නවා. Propaganda ගැන කතා කරනකොට මේකේ අතීතය 1900 ගණන් වලට යනවා.


PR, Advertising කියන්නේ 20 වන සියවසේදී ඉතා වෙනස්කම් වලට බාජනය වූ විෂයන් දෙකක්.ඒ උනාට මේ වෙනස් කම් ගැන මිනිස්සු දන්නේ හරි අඩුවෙන්.නමුත් අද වනවිට එය අප සිතන පතන විදිය වෙනස්කිරීමේ පටන් අප සමුහයක් වශයෙන් මුලා කිරීමේ අති නවීන සුක්ෂම සටනකට තත්වෙට ඇවිත් තියනව.

.
විසිවන සියවස මුලභාගයේදී  සමාජයේ විවිධ කැරලි කෝලාහල,උද්ගෝෂණ වැනි සමාජය නොසන්සුන් කරන බොහෝ දේවල් අති වුනා..ඒ තමන්ට නිසි සැලකීමක් දක්වන්නේ නෑ කියල මිනිසුන්ට හැගී ගිය නිසා.

මේ නිසා ඒ කාලේ තිබ්බ ආණ්ඩු වලට,විශාල සමාගම් වලට මිනිසුන්ව පාලනය කිරීම අපහසු උනා. මේ  තත්වය රාජ්‍ය වුහුයට සහ  ඔවුන් හා බැදී විශාල සමාගම් වලට ද ඉතා අහිතකර ප්‍රතිපල ගෙන අවස්ථාවක් බවට පත්වුණා.

මේ හේතුව නිසාම සාමාන්‍ය  මිනුසුන් අතර ඉතා වැදගත් ප්‍රතිරූපයක් මවා ගැනීමේ අවශ්‍යතාව මොවුන්ට ඇතිවෙන්න ගත්තා,එය මහජන සම්බන්ධතා විශය පථය වෙනත් මගකට යොමු කරන්නට සමත් වුනා.


මේ නව මහජන සම්බන්ධතා පුනරුදය පිටුපස සිටි බුද්ධිමතුන් කිහිප දෙනෙක්ම ඉන්නවා,ඉන් වැදගත්ම පුද්ගලයා තමයි එඩ්වඩ් බර්නේ.ඔහු නුතන මහජන සම්බන්ධතා විෂයේ (Modern Public Relations) පියා ලෙස ද හදුන්වනවා.ඔහු විෂය සම්බදයෙන් දැක්වූ න්‍යායික කරුණු වලට වඩා විෂය ප්‍රයෝගික ලෝකය තුල ක්‍රියාත්මක කර පෙන්වීම ඔහු මහජන සම්බන්දත විෂයේ පියා ලෙස හදිවිමට ප්‍රබල සාධකයක් වුනා.

1920 දී මහජන සම්බන්ධතා ක්ෂේත්‍රයේ ඔහු සිදු කල කටයුතු සහ එම විෂය පථය තුල පෙරලි සිදු කල වෙනත් පුද්ගලයෙන්ගේ ද විස්තර සහිතව පොතක් ඔහු විසින් නිකුත් කරනවා ,එය ‘Propganda’ ලෙස නම් කරනවා.

එඩ්වඩ් බර්නේ ඉතා වැදගත් පවුලකින් පවත එන්නෙක්,ඔහු “මොනොවිද්‍යාවේ පියා”ලෙස හැදින්වෙන සිග්මන් ප්‍රෝයිඩ් මහතාගේ බෑනා ද වෙයි.ප්‍රෝයිඩ්ගේ අවිඥානය පිළිබද ඉගැන්වීම් ඔහුගේ බැනා  විසින් අති සාර්ථකව මහජන සම්බන්දතා කාර්යන් වලට යොදා ගන්නවා.බර්නේ ඔහු මිනිස් අවිඥානය පිළිබද උගත් දේ ඉතා සුක්ෂමව පොදුජනය හැසිරවීමේ අවිය ලෙස යොදාගත් පුද්ගලයෙකි.

Propaganda’ නමැති පොතේ ඔහු මෙහෙම සදහනක් තබයි,
ජනතාවගේ සංවිධානාත්මක පුරුදු හා මතවාදයන් සවිඥානිකව හා බුද්ධිමත් ලෙස මෙහෙයවීම ප්‍රජාතන්ත්‍රවාදී  සමාජයක වැදගත් අංගයකි. සමාජයේ මෙම නොපෙනෙන යාන්ත්‍රණය   මෙහෙයවන අය, එම  රටේ සැබෑ පාලක බලවේගය වන අදෘශ්යමාන ආණ්ඩුවකි.අප කිසිදිනක නොඇසූ පුද්ගලයින් පිරිසක් විසින්,අපි පාලනය කරමින් පවතී, අපේ මනස හැඩගස්වමින් පවතී , අපේ රුචිකත්වයන් නිර්මාණය කරමින් පවතී , අපේ අදහස් යෝජනා කරමින් පවතී. අප එදිනෙදා ජීව්තයේ සියලු දෙයක්ම,දේශපාලන හෝ ව්‍යාපාරික වේවා , සමජීය කාර්යයන්  හා සදාචාරාත්මක චින්තනය පවා ඉතා කුඩා ප්‍රමාණයක මිනිසුන් පිරිසක් විසින් පාලනය කරයි. පොදුජනතවගේ  මනස ක්‍රියාකරන ආකාරය නිවැරදිව හදුනාගත්,පොදු ජන මනස හසුරනවන සැබෑ අදිසි හස්තයන් ඔවුන් වේ.

1928 බර්නේ කෘතිය එළිදැක්වීමට පෙර එකල තිබු රුපවාහිනී දැන්වීම ඉතා සරල ඒවා විය.ඒවා භාණ්ඩයක විස්තර හා එහි භාවිතය  ගැන පමණක් කතා කල ඒවා විය. නමුත් අද වනවිට වෙළද දැන්වීම් වල විකාශනය අදහාගත නොහැකි තරම් වෙනස් වෙලා.

නුතනය වනවිට දැන්වීම් පරිබෝගිකයාගේ අවිඥානගත බය සහ ආශාවන් උපයෝගී කරගනිමින් පරිබෝගිකයාගේ මනස හා භාණ්ඩය අතර මානසික සබැඳියාවක් ඇති කිරීමට නිර්මාණය කර ඇත.

සමහර වෙළද දැන්වීම් වල ඔබ මේ ලක්ෂණය දැක ඇතිවාට සැක නැත, විටෙක අපව ද පුදුම කරවමින් ඔවුන්ගේ දැන්වීම් තුල විකිනීමට අවශ්‍ය භාණ්ඩයය ගැන විසතර කරනවට වඩා භාණ්ඩය හා බැදුණු මිනිස් සිතේ අදහසක් අති කල හැකි ආකාරයේ චිත්‍රරුප මැවෙන ආකාරයේ දසුන් පෙන්වයි.
අවසානයේදී, ඔවුන්ට අවශ්‍ය නිකන්ම නිකන භාණ්ඩයක් විකිනීමට නොව එම භාණ්ඩය අදාල ප්‍රතිරූපය සමාජගත කිරීමයි

ඇදහිය නොහැකි තරමේ අදහස් රාශියක්, කාලය, ශ්‍රමය , මුදල් , එක තප්පර 30ක වෙළද දැන්වීමකට යොදා ගන්නේ ඇයිදයි ඔබ කෙදිනක හෝ සිතුවා ද ?
ඇත්තටම ඒ විශාල ව්‍යාපාර දන්නවා ඔවුන් මේ මොකද්ද කරන්නේ කියල,ඔවුන් අපේ හිතේ සිතුවිලි සමග ඉතා සුක්ෂම ගේම්  එකක් ගහනවා,ඔවුන්ට අවශ්‍ය අප ඔවුන්ගේ භාණ්ඩයය මිලදී ගන්නවට වඩා එහා ගිය දෙයක්.අව්සනවට ඔවුන් මේ වෙනකොට අති සාර්ථකව ඔවුන්ගේ කාර්යය කරමින් ඉන්නවා.

එවකට ඉතා විශාල සමාගම් රැසක් එඩ්වඩ් ගේ සේවද්යකයන් ය.
නිදසුනක ලෙස එකවරක ඇමරිකානු දුම්කොළ සමගම ඔහු වෙත එක් ව්‍යාපෘතියක් භාර  දුන්න.දුම්කොළ සමගමේ නිෂ්පාදන භාවිත කල බහුතරයක්  පිරිමි.නමුත් ඔවුන්ට කාන්ත පාර්ශවයට ද සිගරට් අලෙවි  කිරීමට අවශ්‍යව තිබුන.
ඒ කාලය වනවිට කාන්තාවන් සිගරට් පානය කිරීම සමාජ අසම්මතයක්  ලෙස ඇමරිකන සමාජ තුල මුල බැසගත් අදහසක් තිබුනා. එඩ්වඩ් බර්නේට  හා පැවරුනේ මේ මුල් බැසගත් අදහස් නැතිකර සිගරට් කාන්තාවන්ට අලෙවි කිරීමයි.
ඔහු මේ සදහා එවකට නැගී එමින් තිබු කාන්තා අයිතීන් අරගලය පාවිච්චි කළා.කාන්තාවන්ටත් පිරිම්න්ට හා සමනාව අයිතිවාසිකම් ලැබිය යුතුයි කියූ පිරිසට එම සමානාත්මතාව පෙන්වීම සදහා සිගරට් යොදගන්න ලෙස යෝජනා කළා.
එඩ්වඩ් ගේ මේ අදහස් පිළිගන්න කාන්තාවෝ  එක් රැලියකදී කාන්තාවන් පිරිම්න්ට සමාන ලෙස හුවා දකිවිමට සිගරට් පානය කරනවා ,මේ සිදුවීමත් ඇමරිකානු ජනමාධ්‍ය වාර්තා කිරීමත් සමග එවකට පැවති කාන්ත ව්‍යාපාර කාන්තා හා පුරුස සමානාත්මතාව විදහා දකිව්මට සිගරට් පාවිච්චිය පටන් ගත්තා  මේ සමග එතෙක් තිබු සමාජ අසම්මතය නැතිවී ගිය.

ඒ මගින් ඇමරිකානු දුම්කොළ සමගම තමාට දුන් කාර්යය සාර්ථකව ඉටුකර දුන් එඩ්වර්ඩ් එම සමාගමේ අදායම දෙගුණයකින් වැඩි කරන්නට සමත් උනා.

ඔහු කර කාර්යන් පිටුපස තිබු න්‍යායාත්මක පැති ඔහු මෙසේ විග්‍රහ කරයි.
“සිද්ධාන්තමය  වශයෙන්,සැම පුද්ගලයෙකුම සමාජ ප්‍රශ්න දෙස තමන්ගේම කෝණයකින් බලයි,නමුත් ප්‍රයෝගිකව,සැම පුද්ගලෙකුටම ආර්ථික , දේශපාලනික , සාරධර්ම ගැන  ඔවුන්ටම අනන්‍ය වූ සිතුවිලි සමුද්යක තිබෙනවා නම් කිසිම දෙයක් ගැන අවසන් තීරණයකට එලබීමට අපට නොහැකිවනු ඇත.. නමුත් හිතන්න අපිට බුද්ධිමත් මිනුස්සු කිහිප දෙනෙක් ඉන්න මණ්ඩලයකින්, පුද්ගලික පොදු සියලු දේම පාලනය කරනවා කියල , ඇත්තටම ඒ වගේ පාලන තන්ත්‍රයක් කොච්ච්ච්ර හොද ද. හැබැයි අපි තෝරැගෙන තියෙන්නේ  අනිත් පැත්ත, විව්‍යුත තරගය.අපි විව්‍යුත තරගය  වුවත් ඉතා සංයමයෙන් යුතුව පාලනය කිරීමට ක්‍රමයක් හොයාගත යුතු වෙනවා

1940 ගණන් වනතුරුම ‘Propaganda’ යන වචනය නරක වචනයක් ලෙස සැලකුවේ නැහැ,නමුත් හිට්ලර් ඔහුගේ ස්වකිය දේශපාලන ආධිපත්‍ය පතුරවගැනීම සදහා මෙය යොදාගැනීමත් සමග එම වචනයට එතෙක් තිබු අදහස් වෙනස් වෙලා තියනවා.



පරිවර්තනය 
ටිශාන් වික‍්‍රමසිංහ

මුලාශ : The Free Thought Project



කාන්තාවන්ට සිගරට් විකුනන්න කරපු පලවෙනි Campaign එක






මහජන සම්බන්දතා කියන්නේ විශාල ව්‍යාපාරයක්,2011 වෙනකොට ඇමරිකාවේ විතරක PR Agency 7000ක්ට අසන්න ගානක්  තියනවා.මේ ආයතන ඉතා විශාල සමාගම්, ප්‍රසිද්ධ චරිත, විවිද සංවිදාන වෙනුවෙන් ඔවුන්ගේ ප්‍රතිරූපය ඉහල නංවන වැඩපිළිවෙලවල් වල නිරත වෙනවා.

නළුවෙක් හෝ නිලියක් ඔවුන්ගේ චිත්‍රපටියක් ගැන කතා කරන අතරේ, ගායකයෙක් ඔහුගේ අලුත්ම සින්දුවක් ගැන කතා කරන අතරේ කොටින්ම ඉතා විශාල ව්‍යාපාරයක් ඔවුන්ගේ අලුත්ම නිෂ්පාදනය හැදුව දෙන අතරේ, මේ සියලු දේම පිටිපස්සේ PR(Public Relations) Firm ඔබේ මතයත් එක්ක සෙල්ලම් කරනවා නමුත් බොහෝ දෙනෙක් එක දන්නේ නෑ

ඉතින් මේ සා විශාල අතිශය වැදගත් PR කියන්නේ මොකද්ද , ඇත්තටම මොනවද ඔවුන් කරන්නේ , කව්ද මේක නිර්මාණය කලේ ?

අපි ඉස්සරහට කතා කරන්න යන්නේ ඒ ගැන

නව මහජන සම්බන්දතා විෂය (Modern Public Relation) ගැන කතා කරද්දී ඒ විෂය තනිකරම එක පුද්ගලයෙක් වටා ගෙතෙනවා, ඔහු තමයි එඩ්වර්ඩ් බර්නේ (Edward Bernay).

තවත් විශාල පිරිසක් හිටියත් බ්‍ර්නේ තරම මේ විෂය ගැන ප්‍රතුල දැනුමක් තිබ්බ, විෂය සාර්ථකව යොදාගත්ත වෙන කෙනෙක් නැති තරම්.

බර්නේ ඉපදෙන්නේ ඔස්ට්‍රියාවේ වියනා නුවර, බර්නේගේ උපතෙන් අවරුද්දකට පස්සේ ඔහුගේ පවුලම නිව් යෝර්ක් වල පදිංචියට එනවා.

බර්නේ කියන්නේ ලොව සුපතල මනෝ විද්‍යාඥ සිග්මන් ප්‍රොයිඩ්ගේ බෑනා.

මාමණ්ඩියා වගේම බර්නේටත් මිනිස් මනසේ ක්‍රියාකාරිත්වය ගැන ඉතා ලොකු උනන්දුවක් තිබුණ.මහජන සම්බන්දතා විෂයට මනෝවිද්‍යාත්මක පසුම්බිමක් ලබා දීමේ සම්පුර්ණ ග්ව්රවය හිමි වෙන්නේ බර්නෙට.

ප්‍රොයිඩ්ගේ මනස ගැන කරපු අධ්‍යන බොහොමයක් බර්නේ තමන්ගේ කාර්යයයන් සදහා යොදාගත්තා .ඔහු කොච්ච්ච්ර දක්ෂ ලෙස ඒ ඉගැනිව්ම් ප්‍රයෝගික ලෝකෙට ගේනවා ද කිව්වොත් ඔහු අදටත් මහජන සම්බන්දතා විෂයේ පියා ලෙස හදුනවනවා.

මේ නිසා බර්නේට ඉතා විශාල  ගානක සේවද්යකයන් පිරිසක් හිටියා.ඔවුන්ගේ බොහෝ දෙනෙක් තනි තනි පුද්ගලයන්ට වඩා ඉතා විශාල සමාගම්.

අපි උදාහරණයක් අරන් බලමු බර්නේ ඔහුගේ දැවැන්ත සේවාදායකයෙක් වෙනුවෙන් කරපු Campaign එකක් ගැන.



1920 මුල භාගයේදී ඇමරිකානු දුම්කොළ සමගම බර්නේ ලගට එනවා විශාල ව්‍යාපාරික අවශ්‍යතාවයක් එක්ක, ඒ ඔවුන්ට අවශ්‍ය වෙනවා ඔවුන්ගේ නිෂ්පාදනය (Lucky Strike Ciggeratte), සිගරට්, කාන්තාවන්ටත් විකුනන්න. 

ඒ වෙනකොට කාන්තාවෝ සිගරට් පාවිච්චි කලේ නෑ, ඒ වෙනකොට ඇමරිකන් සමාජය ඇතුලේ මුල් බැසගත්ත මතයක් තිබුන කාන්තාවන් ප්‍රසිද්ධියේ සිගරට් නොබිය යුතයි කියල.

බර්නේගේ පළමු උපදෙස උනේ සිගරට් පැකට්ටුවේ පාට (කොළ පාට) වෙනස් කරන ලෙස, හැබැයි ඒ වෙලාවේ දුම්කොළ සමගම කිව්වේ පාට වෙනස් කරන එක අමාරුයි ඉතා විශාල මුදලක් වියදම් වෙනවා කියල.




පාට වෙනස් කරන්න බැරිනම් ඒ කලේ විලාසිතා වල Trend එක විදියට කොළ පැහැති ඇදුම් වෙළදපොලට දාන ලෙස බර්නේ යෝජනා කරනවා .නිකම්ම කොළ පාට නෙමෙයි හරියටම සිගරට් පැකට්ටුවේ කොළ පාට.

ඔවුන් විශාල විලාසිත නිර්මාණය කරන්නන් පිරිසක් සේවයේ යොදවනවා , කොහොමහරි ඔවුන්ට පුළුවන් වෙනවා ඒ කාලේ ජනප්‍රිය තරු නළු නිලියෝ අදින ප්‍රධාන වර්ණය කොළ පාට කරන්න.



ජිනීවා හිදී පවතී සමලුවකදී , කාන්තාවන් ප්‍රසිද්ධියේ සිගරට් බිම ගැන ඔහු කතා කරනවා මේකෙන් ඔහුට පුළුවන් වෙනවා ඒ වෙනකොට නැගී එමින් තිබුන කාන්තා අයිතීන් හා ස්ත්‍රී පුරුෂ සමානත්වය ගැන කතා කරන ප්‍රජාව ආමන්ත්‍රණය කරන්න.

කාන්ත අයිතීන් විදහා දැක්වීමට පවත්වනවා රැළියක්, බර්නේ ඇමරිකානු මාධ්‍යට උපදෙස් දෙනවා ඒ රැලිය ආවරණය කරන ලෙසට, මාධ්‍ය එතනට යැමත් සමග ඔවුන් දකින්නේ ප්‍රසිද්ධියේ සිගරට් බොමින් පෙළපාලියේ යෙදෙන කාන්තාවන්.



ඔවුන් තමන් ද පිරිමින්ට හා සමාන අයිතිවාසිකම් ඇති බව පෙන්වීමට සිගරට් යොදාගන්නවා. ඔවුන් එක හැදින්වුවේ “Torches of Freedom” ලෙසයි. මේ සිද්ධියට  ඇමරිකානු ජනමාධ්‍ය ඉතා විශාල ප්‍රසිද්ධියක් ලබා දෙනවා,සැනෙකින් එම පුවත ලෝකයේ හැමතැනම පැතිරෙන්න ගන්නවා.

එත් සමග බර්නේ වෑයම සාර්ථක වෙනවා.දුම්කොළ සමාගමට ඔවුන්ට මෙතක් අහිමි වෙලා තිබුණ Market එක ලැබෙනවා.

ඔබ අපි සාමන්‍ය මිනිස්සු විදියට හැමවෙලේම හිතනවා අපි තමයි අපේ තීරණ ගන්නේ කියල,ඇත්තටම බොහෝ විට ඔබ වැරදි වෙන්න පුළුවන්,අපේ සිතුවිලි හැම එකකටම වගේ බාහිර අනුබල දීම් වෙනවා ,ගොඩක් මිනිස්සු මෙහෙම ක්‍රියාවලියක් තියනවා කියල දන්නේ නෑ, බර්නේ මේ ක්‍රියාවලියේ ප්‍රවීනයෙක්.

ඔහු මිනිසුන්ගේ මනස වෙනස් කරමින් වික්කේ සිගරට්, බේකන්,විතරක් නෙමෙයි තව බොහෝ දේ, නමුත් එක ආරම්බයක් විතරයි, ඔහු ඔහුගේ දක්ෂතාව නිකන්ම නිකන් අලෙවිය වැඩි කරීමට පමණක් සිමා උනේ නැහැ.


ඔහු මිනිසුන්ට ඒත්තු ගැන්නුවා ඔවුන් මිලදී ගත යුත්තේ කුමක් ද? නැත්තේ කුමක් ද යන වග,
ඇත්තටම එඩ්වර්ඩ් බර්නේ කියන්නේ නරක පුද්ගලයෙක් කියන එක මෙයින් කියවෙන්නේ නැහැ, හැබැයි ඔහු ඔහුගේ කාර්යය ඇතුලේ අති දක්ෂයෙක්,අද වෙනකොට ඔහු ඉපදිලා අවරුදු 100ක්ට වැඩි නමුත් අදටත් ඔහුගේ න්‍යායන් අනුගමනය කරමින් ක්‍රියාත්මක වන මහජන මතය වෙනස් කරීමේ ක්‍රියාවලිය මේ මොහොත වෙනතුරුත් ක්‍රියාත්මකයි.



පරිවර්තනය
ටිශාන් වික‍්‍රමසිංහ
2017.10.22

Birthday Surprise හෙවත් අනුජ ප්‍රියභානුගේ මෙතෙක් හෙළි නොවූ කථාව .




අගෝස්තු මාසේ 17 වෙනිදා කියන්නේ මගේ හොදම යාලුවෙක්ගෙ උපන්දිනය.උපන්දිනයක් උනාම ඉතින් ස්ප්‍රයිස් නැතුව බෑ නෙහ්.ඔන්න ඉතින් එදා උදේ පාන්දරම යාළුවගේ මුනුපොතේ වෝල් එකේ මෙන්න මෙහෙම ස්ප්‍රයිස් කලාලු.


අනුජ ප්‍රියභානුගේ මෙතෙක් හෙළි නොවූ කථාව . . .


ඒ 2006 වර්ෂයේ මුල් කාර්තුවයි.වැලිවෙරියෙන් බිහි වූ සුපිරි තරුවෙකු වූ ශිහාන් මිහිරංග තම පුස් බයිසිකලයෙන් කිරිබත්ගොඩ ප්‍රදේශය හරහා යමින් සිටියේය.එක්වරම ඇති වූ බඩේ අමාරුවක් නිසා අසල ඇති හෝටලේක පුස් බයිසිකලය නැවැත්වූ ඔහු කගවෙනෙකු සේ වැසිකිළිය දෙසට දුවන්නට විය.

සිදුවුයේ ආශ්චර්යයකි.

වැසිකිළිය තුලින් මිහිරි කටහඩක් ඇසෙන්නට විය.තමා ආපු  කාර්යය ද අමතක වූ ඔහු ඒ දෙසට සවන් යොමා ගල් ගැසී බලා සිටියේය.එවිටම වැසිකිලියේ දොර ඇරගෙන කළු කොට කොලු ගැටයෙකු එළියට ආවේය.ශිහාන්ව දුටු ඔහු සතුටින් පිනා ගියේය.

කෝ.ගැට - අනේ . . . . .ශිහාන් අයියා . . . .(කම්බුල් දෙකට අත් දෙක තියා ගනිමින්)

ශි.මිහි - අහ ! ඔව් මල්ලි . .

කෝ.ගැට - අනේ අයියේ මං ඔයාගේ සින්දු වලට ගොඩාඩාඩාඩාඩාඩාඩාරියක් ආසයි මට ඔයාගේ අත්සනක් දෙනව ද?

ශි.මිහි - දෙන්නම් මල්ලී හැබැයි ඒ එක පොරොන්දුවක් පිට

කෝ.ගැ - අනේ . . . . .ඕන එකක් කියන්න අයියේ . .

ශි.මිහි - ඔයා කවදාහරි සින්දු කියලා සුපිරි තරුවක් වෙනවා මල්ලි . .එක අනිවා ඩෙෆා . . අන්න එදාට මේ ශිහාන් අයියා ඔයාගෙන් අත්සනක් ඉල්ලුවොත් අනිවා දෙන්න මල්ලි . . .

කෝ.ගැ - සතුටෙන් සිනා සෙමින් . . (පසුබිමින් හඩක් ඇසේ “කෝ ඉවර නැද්ද ඉක්මනට එන්න පුතා . . .)

කොලු ගැටයට අත්සනක් දුන් ශිහාන් තමා පැමිණි කාර්යය ඉටු කර ගැනීමට වැසිකිලිය තුලට වැදුනේය.

එදා ශිහන්ට කිරිබත්ගොඩ වැසිකිලියේ මුණගැසුණු ඒ කළු කොට කොලු ගැටයා අන් කවරෙකුවත් නොව හේ අනුජ ප්‍රියභානු නම් විය.


ප.ලි 

-විශේෂ තොරතුරු සපයන්නෙකු (වේටර් අංකල් ) විසින් සැපයු තොරතුරු මත පදනම් වී ඇත.


පියුම් පි පි ජිවිතේ සුවදවත් වෙන සුබම සුබ උපන්දිනයක් වේවා සහෝදරයා !!!!!


අවශ්‍යතා > වුවමනා ?? වුවමනා > අවශ්‍යතා ??

අවශ්‍යතා හා වුවමනා කියන මේ වචන දෙක මං ඉස්සෙල්ලම අහන්නේ 10 වසරේ කොමස් පන්තියේදී .කොමස් කරන ළමයෙක්ට සැහෙන්න ප්‍රයෝජනවත් වෙන වචන දෙකක් විදියට සර් අපිට මේ වචන දෙක ඉගෙන්නුවා.

අවශ්‍යතා යනු පුද්ගලයෙකුට ජිවත් වීම සදහා අනිවාර්යෙන්ම සපුරා ගත යුතු දෑ ය. උදා : ආහාර,ආරක්ෂාව 
වුවමනා යනු අවශ්‍යතා සපුරා ගැනීම සදහා ඇති දෑ ය. උදා : පාන්,බටර්,නිවාස

මුලිකවම වෙන්නේ ,ඉස්සෙල්ලම මිනුස්සුන්ට අවශ්‍යතාවක් ඇතිවෙනවා පස්සේ ඒ අවශ්‍යතාව වුවමනාවකින් සපුරා ගන්නවා.මේක තමයි එදා අපි ඉගෙනගත්තු අවශ්‍යතා හා වුවමනා පාඩම.එදා සර් කිව්වට හැම කොමස් ළමයෙකුටම වැදගත් වෙන පාඩමක් කියලා ,පස්සේ මට තේරුණා විදියට නම් මේ පාඩම මුළු ලෝකෙම ඉන්න හැම මනුස්සයෙකුට ම පොදුවේ වැදගත් වෙන පාඩමක් කියලා.

10 වසරේ පාඩම සැහෙන්න කාලෙකට පස්සේ මතක් වෙන්න හේතුවක් තියනවා.ඇත්තටම දැන් ලෝකේ වෙන්නේ මිනුස්සුන්ට අවශ්‍යතාවයක් ඇවිල්ලා එකට ව්‍යාපාරිකයින් විසින් හදල තියන වුමනාවක් මිනිස්සු ගිහිල්ලා අරගෙන තමන්ගේ අවශ්‍යතාවය සපුරා ගන්න එක ද ?

අපි කතාව පොඩ්ඩක් සරල තැනකට ගේමු ( කොමස් කලේ නැති අයට තේරෙන්නත් එක්ක :p )

ඔන්න එක මිනිහෙක්ට අවශ්‍යතාවක් තියනවා ආහාර කියලා.පාන්,බත් වල ඉදන් KFC,Mc දක්වා නහුතයක් ව්‍යාපාරිකයෝ මිනිස්සුන්ගේ මේ ආහාර කියන අවශ්‍යතාවය සපුරන්න සැදී පැහැදී ඉන්නවා.

බැලු බැල්මට කතාව හරි සරලයි.ෂෝක්.මාරයි.

මට බඩගිනියි.ඒ නිසා මං පාන් කනවා එක්කෝ පීසා කනවා.

හැබැයි කන්න කලින් EGB එකක් බොන්න ඕන කියන එක මගේ අවශ්‍යතාවයක් ද ?

ඇත්තටම නෑ , එක මාගේ අවශ්‍යතාවයක් වෙලා තිබුනේ නෑ.ඒ උනාට අලියා බිම කොම්පැනිය තමන්ගේ EGB බිම කියන වුවමනාව විකුණා ගන්න මට අවශ්‍යතාවක් හැදෙව්වා.

ආහ? එහෙම වෙන්න බෑ නෙහ් .තියරිය එක නෙමෙයි නෙහ්.ඉස්සෙල්ල අවශ්‍යතාව පස්සේ නෙහ් වුවමනාව එන්නේ.
ඔව්.තියරිය එක වුනාට ඇත්තටම මුළු ලෝකෙම මේ වෙලාවේ ක්‍රියාත්මක වෙන්නෙ තියරිය නෙමෙයි.කොටින්ම අපිට තියරිය උගන්නවා විතරයි.වෙන්නේ අනිත් පැත්ත.
ලංකාවේ අලියා බිම කොම්පැනිය මෙහෙම නම්,ලෝකේ තියන ලොකු සමාගම් කොහොම ඇද්ද? අපි පොඩ්ඩක් ඒ ගැනත් බලමු.

ආපහු යමු පොඩි සරල කතාවකට.

මං ටිකක් මහතයි .ඒ නිසා ඇගට ටිකක් ව්‍යායාම ඕන.ටිකක් ඇවිද්දොත් හොදයි.ඔන්න මම දැන් කෙට්ටු වෙන්නත් එක්ක පාරේ ඇවිදින ගමන් ඉන්නවා.එක පාරට මෙතනට එනවා SONY කොම්පැනිය ඇවිල්ල අහනවා,නිකන් ඇවිද ඇවිද ඉන්න එකේ සින්දුවක් අහගෙන ඇවිද්දොත් නරක ද කියලා.මටත් හිතෙනවා ආහ ඔව් නේද එකත් ඉතින් මරු නේද කියලා.ඊට පස්සේ sony කියනවා මේ තියෙන්න SONY walkmen එක ඒක ඔයාට ඕන වැඩේ කරල දෙයි කියලා.

 කතාව සරල උනාට වැඩේ භයානකයි.critical.

SONY කියන්නේ වුවමනා නිර්මාණය කරන සමාගමක්.නමුත් සරලව කිව්වොත් ඔවුනුත් මේ වෙලාවේ කරමින් ඉන්නේ තමන්ගේ අලුත්ම නිෂ්පාදනය විකුනන්න මිනුස්සුන්ට අලුත් අවශ්‍යතාවයන් හදන එක.ලෝකේ අනිත් දැවැන්ත සමාගම් වල කතාවක් මීට සමානයි.
මේ කතා දෙකත් එක්කම අපිට එන්න පුළුවන් නිගමනයක් තමයි,මේ වෙනකොට ලෝකේ ව්‍යාපාරිකයින් කරන්නේ මිනිස්සුන්ගේ දැනට තියන අවශ්‍යතා වලට පිළිතුරු සපයනවට අමතරව වුවම්නත් එක්ක අවශ්‍යතාවක් හදන එක කියලා.

මේ කතාව මේ විදියටම හිතල බලන්න ආයුධ නිෂ්පාදන කරන සමාගමක් ගැන.යුද්ධ,ත්‍රස්තවාදය කියන ඒවා කවදාවත් ඉවරයක් නොවෙන්නේ ඇයි කියන එක ඔබට පැහැදිලි වෙයි.

කොටින්ම මේ වෙලාවේ මිනුස්සුන්ට ඕනේ මොනවද නැත්තේ මොනවා ද කියන එක තීරණය කරන්නේ මිනිස්සු නෙමෙයි ව්‍යාපාරිකයෝ.10 වසරේදී ඉගෙනගත්ත තියරිය නෙමෙයි මේ වෙන්නේ කියලා තේරුම් ගන්න සැහෙන්න කල් ගියා.හැබැයි තියරිය වැරදියට වෙනවා කියලා දැනගන්නත් තියරිය දැනගෙන ඉන්න ඕන.( අද 10 වසරේ ඉන්න ළමය ඉගෙන ගන්නෙත් පරණ තියරියම තමයි.)

අපි මේ කතාව ටිකක් වෙනස් පැත්තකට ගේමු.

මිනිස්සුන්ගේ අවශ්‍යතා තීරණය කරන්නේ ව්‍යාපාරිකයෝ. ඒ කියන්නෙත් තවත් මිනිස්සු කොටසක් නෙහ්.ඉතින් හොදයි නෙහ්.එයාලට පුළුවන් මිනිසුන්ගේ ජීවිතය ලස්සන කරන්න අලුතෙන් වුවමනා නිර්මාණය කරන ගමන් අවශ්‍යතාවයකුත් නිර්මාණය කරලා මිනිස්සුන්ට දෙන්න.මින්ස්සුන්ට තියෙන්නේ ව්‍යාපාරිකයෝ කියන දේ අහල ලස්සනට ජිවත් වෙන එක.
කෙනෙක් මේ වගේ කතාවක් කිව්වොත් ? ඔව් බැලු බැල්මට එක නම් මාරයි තමයි.හැබැයි ඇත්තටම ඔය කතාව වෙන්නේ නැති එකයි අවුල.ව්‍යාපාරිකයෝ මිස්සුන්ට හොද ජිවිතයක් දෙන මුවාවෙන් කරන්නේ තමන්ගේ ව්‍යපාරික අරමුණු ඉෂ්ට කර ගැනීමක් විතරයි. 

එක මිනිස්සු කොටසකට ඕන දේ තවත් මිනිස්සු කොටසක් විසින් තීරණය කිරීමේ භයානක ,ඛේදනීය ඉරණමට තමයි මේ වෙලාවේ මුළු ලෝකෙම මුණ දීලා ඉන්නේ.ආර්ථික අර්බුද ,ආර්ථික අවපාත හැමදේකට මුලික වුන සාධකය තමයි මේ.

විනාඩියකට ඔබේ ගෙදර,ඔබේ ඇදුම් පැළදුම්,ඔබ පාවිච්චි කරන දේවල් ගැන හිතන්න.ඒවායින් කියක් ඇත්තටම ඔබට අවශ්‍ය ද කියලා. 
මිනිස්සු තමන්ට අනවශ්‍ය දේවල් ටොන් ගානක් තියාගෙන් අත්‍යවශ්‍යම දේවල් අතැරලා.

ඒ නිසා මගේ යෝජනාව ආපහු පරණ තියරියටම යමු කියන එකයි.හැබැයි එක හිතන තරම් ලේසි නෑ කියන එකත් මතක තියාගන්න.

අන්තර්ජාලයේ තිබුණ  ජනප්‍රිය වැකියකින් මං මේ කතාව ඉවර කරනවා.මේ වැකියෙන් කියවෙන්නේ ව්‍යාපාරිකයින්ගේ දෘෂ්ටිකෝණය.


“People don’t know what they want, we do”

ජනතාව CRITICAL SITUATION එකකද?




මචං, ලංකාවේ politics වල මේ වෙලාවේ තියෙන්නේ critical situation එකක් කියල කිව්වොත් උබල පිළිගන්නවද? මහින්ද රාජපක්ෂ කියන බැසී යන තරුව මේ වෙලාවේ ඉන්නේ critical situation එකක. 

ඒ බැසී යන තරුවට ගේමට දාන්න නැගී එන තරුවක් හොයාගන්න බැරුව ලංකාවේ විපක්ෂයත් දැන් ඉන්නේ critical situation එකක. 

මහින්ද කියන බැසී යන තරුවට සහය දෙනවද නැතිනම් තාම තරුවක් හොයනා විපක්ෂයට සහය දෙනවද කියන ප්‍රශ්නෙත් එක්ක ලංකාවේ අනෙකුත් කුඩා දේශපාලන පක්ෂත් මේ වෙලාවේ ඉන්නේ critical situation එකක. 

ඉතින් මේ හැමදෙනාවම මෙතනට ගෙනාපු ජනතාවත් දැන් ඉන්නේ critical situation එකකද?

Tishan Wickramasinghe

පරණ බස් එකේ හරි කමක් නෑ, අලුත් ලෝකෙට එන්න.




ලගදි ලස්සන ෆිල්ම් එකක් බැලුවා,හෝ ගානා පොකුණ,ඉන්දික ෆර්ඩිනැන්ඩු ගේ රහ වැඩක් ,හබැයි ඉන්දිකගේ හෝගානා පොකුණ මං බැලුවේ සාමාන්‍ය විදියට උනත් කියෙව්වේ වෙනස් විදියකට.

කතාව කෙටියෙන් කියනවනම්,ඔන්න දුප්පත් ගමක තියන පොඩි ඉස්කෝලෙකට කොළඹින් අලුත් ටීචර් කෙනෙක් එනවා. මේ අලුත් ටීචර් එක්ක ඒ ඉස්කෝලේ ලමයින්ට අලුත් බලාපොරොත්තු ගොන්නක් එනවා. ඒවයින්  එකක් තමයි හෝ ගානා පොකුණ බලන්න යන එක. සැහෙන්න ලොකු ක්‍රියාදාමෙකින් පස්සේ ටීචර් ළමයින්ට හෝ ගානා පොකුණ පෙන්නනවා.

පොඩ්ඩක් ඉන්න !

ලංකාව කියන්නේ දුපතක්, රට වටේට මුහුද,හැබැයි ටීචර් ළමයින් එක්ක යන්නේ කොලබ මුහුද බලන්න ,ගාල්ලේ හරි ත්‍රිකුණාමලය හරි මුහුද, මුහුදක් නෙමෙයි ද?

මට හිතෙන විදියට ,හෝගානා  පොකුන කියන්නෙම ලාංකික ගැමියාට තියෙන කොලබ ෆැන්ටසිය,මේ ෆැන්ටසියට එහෙම ලේසියෙන් ඇතුළු වෙන්නබෑ,කාගෙන් හරි උදව්වක් ඕනෙමයි ,එතකොට තමයි කොලබ ඉදන්ටීචර් ගමට එන්නේ,ටීචර් කියන්නේමමේ වෙලාවේ ධනවාදයේ මානුෂික මුහුණවර ,ධනවාදයගමට ගිහින් ගම වෙනස් කරනවා හැබයි මෙතන තියන වැදගත්ම දේ තමයි ධනවාදය කතා කරනනෙ අලුත් පරම්පරාවට ධනවාදයට පරණ හණමිටි අදහස් තියෙන මිනිස්සුන්ගෙන් වැඩක් නෑ,ඒ උනාට ධනවාදය දන්නවා ඔවුන්වත් තමන්ගේ අරමුණට කැමති කරව ගන්න.

අලුත්ටීචර්ගමට ආපු තැන ඉදන් කරන්නේ ළමයින්ට අලුත් බලාපොරොත්තු ඇති කිරීම්, ටීචර් ළමයින්ට තනියෙන් නැගී සිටින්න පුරුදු කරනවා හරියට ධනවාදය වගේ,තමන්ගේ අරමුණ වෙනුවෙන් වැඩිහිටි පරම්පරාව එකග කරගන්න  ළමයින්ව පොලබවනවා හරියට ධනවාදය වගේ , හැම ළමයෙක්ටම කතා කරන්නා අවස්ථාව ලබා දෙනවා හරියට ධනවාදය  වගේ ,තමන්ගේ ස්වකිය අරමුණ වෙනුවෙන් දැඩි තීරණ ගන්න පුරුදු කරවනවා හරියට ධනවාදය වගේ.බැලු බැල්මට ධනවාදය ගමට ගිහිල්ලත් කරන්නේ එක්තරා  විදියක අරගලයක් නමුත් සමාජවාදී අරගල වලට වගේ කවි ගී ධනවාදී අරගල වලට නොලින්නේ හරියට අර "පිය සෙනෙහසට කව ගී ලියවුන මදී" වගේ.

කොහොමින් කොහොම හරි ධනවාදය තමන්ගේ ස්වකිය අරගලය ජයගන්නවා, ධනවාදය මේ වෙලාවේ අපිට යෝජන කරන්නේ පරණ බස් එකේ හරි කමක් නෑ ධනවාදයේ අලුත් මුහුණුවරත් එක්ක එකතු වෙන්න කියලයි.හෝගානා පොකුණ බලන්න යන්න කිසිම වැඩිහිටියෙක් සහභාගී නොවුන වගේ මේඅලුත් ලෝකයටත් පරණ පරම්පරාවෙන් වැඩක් නෑ, ධනවාදයටඕනේ අමු ලේ.

ඉන්දික මේ ෆිල්ම් එක ඇතුලේ පෙන්නන එක දෙයක් මේ වෙලාවේ ලංකාව ඇතුලේවෙමින් පවතිනවා .ඒ තමයි ධනවාදයේ අලුත් මුහුණුවරත් එක්ක වලි දාගන්නේ නැතුව ජෝලියෙන් ඉන්න අලුත් වම ගැන.හරියට ෆිල්ම් එකේ ටීචර් ගේ පෙම්වතා වගේ. මට හිතෙන විදියට නම් ධනවාදයේ මේ මානුෂිය කෑල්ල එන්නෙම වමේ අභාෂයෙන් කියලයි.

ෆිල්ම් එකේ විදියටනම් ,ළමයින්ට බලන්න මුහුදේ ෆොටෝ එකක් එවන්නේ ටීචර් ගේ පෙම්වතා, කොළඹ ජිවත් වෙන මේ අලුත් වම ගමේ ඉන්න අලුත් පරම්පරාව කොළඹ එනකන් බලන් ඉන්නවා  වගේම ඒ ගමනට ආශීර්වාද කරනවා. ධනවාදය අලුත් වෙලානම් අලුත් වම ධනවාදයේ පෙම්වතා වෙන එක මට අනුව නම්  ප්‍රශ්නයක් නෙමෙයි.

චිත්‍රපටිය අවසාන වෙන්නේ ගමේපොඩි එවුන්වටීචර්බස් එකේ දාගෙන මුහුද බලන්න ඇවිත් මුහුද දැකලා ළමයි සතුටු වෙන දර්ශනයකින් ඒ කියන්නේ "Happy Ending" එකක් ව්දියට.

ඇත්ත ලෝකෙදිත්මේ ධනවවාදයේ අලුත් මුහුණවර තමන්ගේ ස්වකිය අරගලය ජයගනිවිද ?

අලුත් වම තව දුරටත් ධනවාදයේ පෙම්වතා වෙලා ඉදි විද ?

පරණ පරම්පරාවටත් කොලබ එන්න ආසාවක් එයි ද ?

ගැමියාට අලුත් ලෝකය පෙන්වන කාර්යභාරය ධනවාදය කව්ද වෙනකන් කරයි ද ?

ඒ හැම අරගලයක්ම මේ වගේ සාර්ථක වෙයි ද?

ෆිල්ම් එක බැලුවම නම් අවුලක් නෑ, හැබැයි වෙනස් විදිය කියෙව්වොත් නම් එන්නේ ප්‍රශ්ණ ගොඩක්!


- ටිෂාන් වික්‍රමසිංහ